එෆ්.ඒ. කුසලාන අවසන් තරගය 20දා

  👤  2969 readers have read this article !
By mawbima 2017-05-19

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලයේ මෙහෙයවීමෙන් කාගිල්ස් ෆුඩ්සිටි සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලබන එෆ්.ඒ. කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය හෙට (20දා) කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
පසුගිය වසරේදී එෆ්.ඒ. කුසලානය ජයගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා පළමු වරට එෆ්.ඒ. කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ජාවාලේන් අතර පවත්වනු ලබන මෙම තරගය රාත්‍රි 7.00ට ආරම්භවීමට නියමිතව ඇත.

කණ්ඩායම් 700කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරගාවලියේදී අවසන් පූර්ව තරගය සඳහා කලම්බු එෆ්.සී., සෝන්ඩර්ස්, ජාවාලේන් හා යුද හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා ගත් අතර, එහිදී ජාවාලේන් කණ්ඩායම හමුවේ සෝන්ඩර්ස් කණ්ඩායමත්, යුද හමුදා කණ්ඩායම හමුවේ කලම්බු එෆ්.සී. කණ්ඩායමත් පරාජය වී තිබිණි.

එහිදී යුද හමුදාව හා කලම්බු එෆ්.සී. අවසන් පූර්ව තරගයේදී ගෝල 3-2ක් ලෙස ජය ලැබූ යුද හමුදා කන්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනිද්දී සෝන්ඩර්ස් හා ජාවාලේන් තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල 1-1ක් ලෙස ලබා සම තත්ත්වයේ තිබූ හෙයින් දඬුවම් පහර අවස්ථාවේදී ගෝල 5-3ක් ලෙස ජයගත් ජාවාලේන් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්