ඩඩ්ලි සේනානායක - ලලිත් ඇතුලත්මුදලි ක්‍රිකට් ගැටුම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට

  👤  3034 readers have read this article !
By mawbima 2017-05-19

ඩඩ්ලි සේනානායක විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල අතර දෙවන වරට, ඩඩ්ලි සේනානායක අභියෝගතා කුසලානය වෙනුවෙන් "ඕචබබතඥ ර්ණීට ඊඩඥ ඉඪතමඥප } ඕතභඥ" මහා ක්‍රිකට් තරගය මැයි මස 20දා ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ
පී. කේ. ඩිල්ෂාන් සුමේධය. උප නායකත්වය එස්. ඩිල්ශාන්ට හිමිව තිබේ.

එරාන් එම්. කණිෂ්කගේ නායකත්වයෙන් ලලිත්් ඇතුලත්මුදලි විදුහල තරග බිමට පිවිසෙන අතර මලිත් අල්විස් උප නායක ලෙස කටයුතු කරයි.
ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ විදුහල්පති එම්. ඩී. බී. අත්තනායක මහතාගේ උපදෙස් මත මෙම තරගාවලිය සංවිධානය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්