අන්තරේ උද්ඝෝෂණයට කඳුළු ගෑස් ගහද්දී සාමාන්‍ය ජනතාවට හිරිහැර සිදුවුණා

  👤  3050 readers have read this article !
By mawbima 2017-05-19

දෙනගම ධම්මික රණවීර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා (17දා) පැවැත්වූ උද්ඝෝෂණයට විහාර මහාදේවි උද්‍යානයේදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම නිසා එහි සිටි සාමාන්‍ය ජනතාවටද හිරහැර වූ බව සඳහන් කරමින් එම ප්‍රහාරයට අණ දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජාතික පොලිස් කොමිසමට ලිපියක් යොමු කොට තිබේ.

එම ප්‍රහාරය නිසා විහාර මහා දේවි උද්‍යානයේ රැඳී සිටි කුඩා ළමයින් හා සිවිල් පුරවැසියන් විශාල පිරිසක්ද අසීරුතාවට පත් වී ඇති බව එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා ඊයේ (18දා) යොමු කළ ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කොට තිබුණේ පොලිසිය අවම බලය පාවිච්චි කළ යුත්තේ ජන ශුන්‍ය ප්‍රදේශයකදී බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්