වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කරන්න

  👤  3038 readers have read this article !
By mawbima 2017-05-19

සපුමල් ජයසේන

පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන සහ පුරාවස්තු රැකගත නොහැකි වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා සුදුසු ක්‍රියාකාරි පුද්ගලයකු පත්කරන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
කිරුළපන පිහිටි බොදු බල සේනා මූලස්ථානයේ සඳුදා (16දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ ඉල්ලීම කළහ.
නැඟෙනහිර පළාතේ පමණක් පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන දහසකට වඩා ඇති බවත් නිසි රැකවරණය ලබානොදීම හේතුවෙන් නිදන් හොරුන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ තිප්පළ බවට ඒවා පත්ව ඇතැයිද ඇතැම් ඉපැරැණි බෞද්ධ වෙහෙර විහාරවල නටබුන් ඔවුන් විනාශ කර දමා ඇතැයි ද ඥානසාර හිමියෝ කියා සිටිති.

මුහුදු මහ විහාරය, දීඝවාපිය, මාණික්කමඩු මෙන්ම කූරගල ආදී ස්ථානවල පුරාවස්තු රැක ගැනීමට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ක්‍රියා නොකළ බවත් සෝමාවතිය සහ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානවල ඇති පොළොන්නරු යුගයට අයත් දාගැබ් වෙහෙර විහාර කඩා බිඳ දමා ඇති අතර මේ ගැන කළ දැනුම්දීම්වලටද මේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කිසිදු ඵලදායී ක්‍රියාමාර්ගයක් නොගත් බවත් උන්වහන්සේ සඳහන් කරති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට සුදුස්සකු පත් නොකළහොත් හෙළ බොදු උරුමයන්ගේ ඉතිහාසය කියා පෑමට ශේෂව තිබෙන සාක්‍ෂි සහමුලින්ම විනාශ වී යනු ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්