ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට ජනපති උපදෙස්

  👤  2929 readers have read this article !
By mawbima 2017-05-19

පහන් විජේසේකර

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ප්‍රමාදයකින් තොරව ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ කොමිෂන් සභාවල ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17දා) පැවැති ස්වාධීන කොමිෂන් සභාවන්හි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණ කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නියෝජිතයෝ නව යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත් කළහ.
කොමිෂන් සභාවල කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර විගණන පනත ඇතුළු පනත් සම්මත කර ගැනීම, කාර්ය මණ්ඩල සපුරා ගැනීම ඇතුළු අඩුපාඩු කිහිපයක් කඩිනමින් සම්පූර්ණ කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට පෙන්වාදී තිබේ.

එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්