රණවිරු දිනය ආණ්ඩුව සමරන්නේ ලාචෝරු විදියටයි

  👤  2979 readers have read this article !
By mawbima 2017-05-19

ආණ්ඩුව මේ වසරෙත් හැම වසරෙදිම වගේ ලාචෝරු විදියට රණවිරු දිනය සමරන්න හදනවා. නමුත් රණවිරු අභිමානය සැබෑ ලෙස සැමරීමේ අරමුණින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, ජාතික රණවිරු සංවිධාන සම්මේලනය හා ජාතික සංවිධාන සම්මේලනය 20 වැනිදා හවස 3ට නිදහස් චතුරස්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස සැමරුම් උළෙලක් පවත්වන බව බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ජාතික සංවිධාන සම්මේලන මාධ්‍ය හමුවේදීය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කතා කළ උන්වහන්සේ.

'මෙහි තේමාව 'දිනා දුන් මවුබිම රැකගනිමු රණවිරුවන් තනි නොකරමු' යන්නයි. මෙවැනි රණවිරු සැමරුමක් පැවැත්වීමේ අරමුණු කීපයක් තියෙනවා. එතෙක් මවුබිමේ අනාගත සුරක්ෂිතතාව ඇති කිරීම. ඒ තුළින් රණවිරු අභිමානය සුරැකීමයි. රණවිරු මෙහෙවර දන්න පොදු ජනතාව, රණවිරු අභිමානය, ගෞරවය රැකෙන පරිදි උත්සවයක් සංවිධානය කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමයි මේ මල්ඵල ගැන්වෙන්නේ. මේ උත්සවය සඳහා භික්ෂුන් වහන්සේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් සහභාගි වෙනවා. සියලුම ආබාධිත රණවිරුවන්, මියගිය රණවිරු පවුල්වල සියලුම සාමාජිකයන්ටත් මේ සඳහා සහභාගි වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මෙතැන පෙළපාළි නෑ. විරෝධතා නෑ. වර්තමාන ආණ්ඩුව ගෙනියන බෙදුම්වාදීන් සතුටු කිරීමේ වැඩපිළිවෙළ අනුව රට බෙදන ක්‍රියාවලියට ඉඩදෙන්නේ නෑ කියන අධිෂ්ඨානය ඇතිව රටේ සියලුම දෙනාට මේ සඳහා සහභාගි වෙන්න කියලා ඉල්ලා සිටිනවා.'
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
ඉතාමත් නිර්දය විදියට, ලැජ්ජා නැති විදියට වර්තමාන ආණ්ඩුව රණවිරුවන්ට සලකනවා. රණවිරුවන් පිළිබඳව මොන තරම් ද්වේෂයකින් බලනවාද කියනවා නම් බුද්ධි අංශ බරපතළ ලෙස මර්දනය කරනවා. කිසිදු හේතුවක් නැතිව හමුදා නිලධාරීන් සිරගත කරලා. බොරු වැරැදිවලට පටලවලා නිලධාරීන් විශ්‍රාම යවනවා. හමුදා නිලධාරීන්ට ද්වේෂ සහගත ලෙස සලකමින් විරු සැමරුම් පවත්වන්න හදනවා. ඒ මොකවත් නිසා නෙවෙයි ජනමතය මතුවීම වළක්වන්නයි හදන්නේ.

ජනාධිපතිතුමාට හෙට අනිද්දාට මුලතිව් කච්චේරියට යන්න යෙදිලා තියෙනවා. සිවාජිලිංගම් තර්ජනය කරනවා ජනාධිපතිට එහෙ එන්න එපා කියලා. ආවොත් කළු කොඩි දාලා 87දී ප්‍රේමදාස ජනාධිපති එළවගත් විදියටම එළවනවලු. මම ජනාධිපතිතුමාට කියන්නේ ඔබ මේ රටේ ජනාධිපති කියලා මේ රටට ඔප්පු කරලා පෙන්වන්න. මේ තමයි ඒකට හොඳම අවස්ථාව.

චාමිණී ගම්මන්පිල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්