අනාගතයේ දේශපාලනයට එන්නේ සරම කරට ගත් ඇම්ඩන්ලා

  👤  3058 readers have read this article !
By mawbima 2017-05-19

අනුරාධා හේරත්

අනාගත ලාංකේය දේශපාලනයට එන්නේ සරම කරට ගත් ඇම්ඩන්ලා වැනි අය බව තමා ඉතා වගකීමෙන් පවසන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර අනාවැකියක් පළ කරයි.
ඔහු පවසන්නේ අනාගතයේදී යහපත් මිනිසුන් දේශපාලනයට නොපැමිණෙනු ඇති බවයි.
වත්මන් දේශපාලනයට පවතින මඩගැහිලි අවලාද අනුව දේශපාලනයේ කටයුතු කරන යහපත් පුද්ගලයන් කිහිප දෙනෙක් ඉදිරියේදී සමුගැනීමට සූදානම් බව තමා සමඟද පැවැසූ බව අමාත්‍යවරයා පවසයි.

විවිධ අවලාද මඩ ප්‍රහාර එල්ල කරන මේ මොහොතේ මාධ්‍යයට පවා ප්‍රබලම පුවත වී ඇත්තේ මන්ත්‍රිවරුන් වාහන පර්මිට් ලබා ගැනීම බව පවසන අමරවීර මහතා කියා සිටියේ තමා වසර ගණනාවකින් වාහනයක් ලබා ගෙන නොමැති බවත් තමාට එවැනි රථගායක් නොමැති නමුත් නව වාහන ලබාගත් අයට කිසිදු දෝෂාරෝපණයක් එල්ල නොකරන බවත්ය.

මීට පෙර පාලන කාලවලදී පවා ඇමැතිවරුන්, මන්ත්‍රිවරුන් භාවිත කෙළේ සුඛෝපභෝගි වාහන බවද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් විවිධ තැන්වල කලකිරීම් සහගතව කතා කිරීමට පටන් ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කලකිරීමකින් මිස ආණ්ඩුව පිළිබඳ කලකිරීමකින් නොවන බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් පැවැසුවේ පෙරේදා තමාගේ ප්‍රධානත්වයෙන් මැයි දිනයට පැමිණි පිරිස සමඟ සුහද සාකච්ඡාවක් සිදු කළ බවත් ගැටඹේ මැයි රැලියට නොගොස් ගාලු මුවදොරට ගිය පිරිසට ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීය.
තම පක්ෂය විනිවිදභාවයෙන් සියලු කටයුතු පිළිබඳ සාකච්ඡා කරන බවත් මේ වන විට පක්ෂය යර්ස් මැඩම් හෝ යර්ස් සර් කියන තත්ත්වයේ නොසිට ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයකට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්