පැෆරල් සංවිධානය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලයි

  👤  2939 readers have read this article !
By mawbima 2017-05-19

දයා පෙරේරා

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල්) සංවිධානය පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය ලැබූ මන්ත්‍රිවරුන් සිටිත් නම් දන්වන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම තොරතුරු ඉල්ලා සිටින පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයැදුම්පතක් යොමු කරමින් දන්වා තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙනත් රටක පුරවැසියකුද වන ශ්‍රී ලාංකේය පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ නොහැකි වීම, ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරියට අදාළව ගනු ලබන නඩු තීන්දුව සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතු වීම, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ චෝදනා එල්ලවන මහජන නියෝජිතයන්ට තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට ක්‍රමවේදයක් නොමැතිකම යන කරුණු නිසා එසේ ඉල්ලුම් කරන බවද හෙතෙම අයැදුම්පතේ දක්වා ඇත.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් ඕනෑම මොහොතක රට හැරයා හැකි බැවින් ව්‍යවස්ථාදායකය තුළ සැබෑ ලෙසම ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් ඉස්මතු වන ලෙස ප්‍රතිපත්ති සම්පාදනයට දායකවේද යන සැකය සහ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රිවරයකුට දෙරට අතර ඇතිවන ගැටලුවකදී හෝ වෙනයම් ගිවිසුමකදී කුමන පාර්ශ්වයක් වෙනුවෙන් ක්‍රියා කරයිද යන සැකයද මතුවෙන බැවින් මහජන සුබ සිද්ධිය සඳහා තමා එම විස්තර ඉල්ලන බව පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා සිය ඉල්ලුම්පතෙහි සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්