කෝටියක මත්පෙති සමඟ ඇල්ලූ ඉන්ජිනේරුවා 30දා තෙක් රිමාන්ඩ්

  👤  3020 readers have read this article !
By mawbima 2017-05-19

කුමුදු උපුල් ශාන්ත

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති 1600ක් පමණ ප්‍රමාණයක් රැගෙන සුඛෝපභෝගී රථයක යමින් සිටියදී සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකාර පරිගණක ඉන්ජිනේරුවරයා මෙම 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන පෞද්ගලික ආයතනයක සේවයෙහි නියුතු 30 හැවිරිදි සැකකාර පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන විමර්ශන නිලධාරි පී. එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ හදිසි සෝදිසියකදී සැකකාර පුද්ගලයා නුගේගොඩ ගුවන් පාලම අසලදී ඉකුත්දා (15දා) අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්