චීනෙක් කසිප්පු බෝතල් 37ක් රට සිගරැට් 15,980ක් තබා ගෙන දඩ කයි

  👤  3078 readers have read this article !
By mawbima 2017-05-19

අමිල අබේරත්න

ගොඩනැඟිල්ලක කාමරයක් තුළ කසිප්පු බෝතල් 37ක් සහ නීති විරෝධීව ආනයනය කළ සිගරැට් 15,980ක් සන්තකයේ තබාගත් චීන ජාතිකයකුට කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පෙරේදා (17දා) රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කළාය.

සිගරැට් සහ කසිප්පු බෝතල් තොගය විනාශ කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියම කරනු ලැබුවාය. විත්තිකාර චීන ජාතිකයා ඩීනා ලිවෝ නමැත්තෙකි. කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළ පරිදි කොළඹ එලිෆන්ට් හවුස් මාවතේ ගොඩනැඟිල්ලක පිහිටි කාමරයක් තුළ සිගරැට් සහ කසිප්පු බෝතල් චීන ජාතිකයා විසින් තැන්පත් කර තිබී ඇති අතර කොල්ලුපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම භාණ්ඩ සොයාගෙන චීන ජාතිකයාව අත්අඩංගුවට ගෙන තිබිණි.
කොල්ලුපිටිය පොලිසිය චීන ජාතිකයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්