පක්ෂ ලියාපදිංචි කරන සම්මුඛ පරීක්ෂණ ලබන මාසයේත්

  👤  3062 readers have read this article !
By mawbima 2017-05-19

ජේ.ටී. ද සිල්වා,
දයා පෙරේරා

පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අයැදුම්පත්‍ර සම්බන්ධයෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ ලබන ජුනි මස තෙක් පැවැත්වීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.
ලියාපදිංචිය සඳහා අයැදුම්පත් 95ක් ඉදිරිපත් වී තිබේ.

දැනට සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති ඇතැම් දේශපාලන පක්ෂ, නැවත සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට සිදුව ඇති බවද කොමිසමේ සභාපතිවරයා පවසයි. පක්ෂ ලියාපදිංචිය සඳහා පක්ෂ කිහිපයක් අයැදුම්පත් දෙක බැගින් ඉදිරිපත් කර ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්