සයිටම් විරෝධය...පොලිස් ප්‍රහාරය...විහාරමහාදේවි උද්‍යානය...

  👤  3016 readers have read this article !
By mawbima 2017-05-19

තුරු ගොමුවල සිහිලසින් සෙවණ වූ විහාර මහා දේවි උද්‍යානයේ නිහඬ බව බිඳී ගියේ විශ්වවිද්‍යාල සිසුන්ගේත්, ආරක්ෂක අංශ අතරත් ඇති වූ උණුසුම් ගැටුමක ප්‍රතිඵලයක් ලෙසය. පෙරේදා (17දා) සවස විහාර මහා දේවි උද්‍යානය අවට මාර්ගවල වූයේ දැඩි තදබදයකි. කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ගමන් ඇරැඹි විශ්වවිද්‍යාල සිසුන්ගේ ගමනාන්තය වී තිබුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි. නමුත් විරෝධතා පා ගමන ආරම්භ කර මඳ දුරක් යනතුරුත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිසිවකුත් ඒ බව ප්‍රකාශ කළේ නැත. ඒ අවට ඇති අධි ආරක්ෂිත කලාපවලට පිවිසිය හැකි මාර්ග කල්තියාම පොලිස් මාර්ග බාධක යොදා අවහිර කොට තිබිණි. කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසින් ටවුන් හෝල් දෙසට යෑම වළක්වමින් ඉබ්බන්වලදී පොලිස් මාර්ග බාධක යොදා තිබිණි. බේබෘෘක් පාර දෙසට හැරී පාක් රෝඩ් ඔස්සේ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන්ගේ මාර්ගය අවහිර කරමින් රැඳී සිටි උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු හා සිසුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එතැන් සිට දෙපාර්ශ්වය අතර ඇතිවූයේ උණුසුම් තත්්ත්වයකි. පුරහල වට රවුම පොලිස් මාර්ග බාධක යොදා අවහිර කොට තිබුණේ නැත. අධි පීඩන ජල ප්‍රහාරක රථ දෙකක් සිසුන් දෙසට මුහුණලා නවතා තිබිණි. පොලිස් කැරැලි මර්දන හා විශේෂ කාර්ය බළකා නිලධාරීහු මාර්ගය අවහිර කරමින් රැකවල්ලා සිටියහ.
ඉදිරියට යෑමට පොරකන සිසුන් විසුරුවා හැරීමට පොලිසිය වෙනදා කරනුයේ අධිපීඩක ජල ප්‍රහාර එල්ල කිරීමය. එදා ඒ කිසිවක් සිදු නොවීය. එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර පමණක්ම එල්ල කෙරිණි. තුවක්කු බටයෙන් ගිනි පුපුරු විහිදාලමින් එළියට විසිවෙන කඳුළු ගෑස් උණ්ඩ සිසුන් දෙසට පතිත වේ. ඒ ක්ෂ්ණයෙන් ඒවා නැවතත් ආරක්ෂක අංශ වෙතටම පා කෙරේ.
කඳුළු ගෑස් ප්‍රහාරවලින් බේරීමට විහාර මහා දේවි උද්‍යානය තුළට දිවගිය සිසුන් මෙන්ම ඒ වන විටත් උද්‍යානය තුළ රැඳී හුන් පිරිසද මදි නොකියාම කඳුළු ගෑස් ප්‍රහාරවලට ගොදුරු විය.

උද්‍යානය තුළ බැ¼ද සිටි පෝනියන්ද මහත් පීඩාවට පත්විය. සිසුහු පෝනියන් දෙසට එල්ල වෙන කඳුළු ගෑස් උණ්ඩ වෙනත් පැතිවලට ඇද දැමූහ. උන්ගේ බැමි ලෙහා දැමූහ. දුමාරය මැද්දෙන් පුපුරු ගසමින් වේදනා දෙන මුහුණු සේදීමට සිසූන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ද දිව ගියේ පරිසර අලංකරණයට තනා ඇති දිය මල් දෙසටය. පිරිසුදු අපිරිසුදු බව නොසිතාම ඔවුහු මුහුණ ‍ෙදාවා ගනිමින් නැවතත් සටනටම පිවිසියහ.

එක දිගට පැය දෙකහමාරකට අධික කාලයක් දිගින් දිගටම කඳුළු ගෑස් උණ්ඩ දෙසීයකට වැඩි ප්‍රමාණයක් එල්ල කෙරුණේ උද්‍යානයේ තුන් පැත්තක සිටය. සමහරකුගේ කනේ ඇතුළත තුවාල වී තිබිණි. තව කෙනකුගේ හිස පැළී තිබිණි. තවත් අය පා පැකිළී බිම ඇද වැටිණි. සිද්ධිය අතරතුර සිසුන් 25 දෙනකු පමණ රෝහල් කරා රැගෙන ගොස් තිබිණි. මේ වන විට කළුබෝවිල හා ජාතික රෝහලේ සිසුහු 6 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබති.

සිසුන් පැවැසුවේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලට තමන් හොඳ හැටි පදම් වී ඇති බවයි. බෝම්බ ගසා හෝ වෙඩි තියා තම සටන නතර කළ නොහැකි යැයි මහ හ¾ඩින් හඬ ගෑ සිසුන් එක රොත්තට වී පොලිස් ප්‍රහාරවලට මුහුණ දුන් අයුරු අප ඡායාරූප මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල සටහන්ව තිබුණේ මේ අයුරිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්