කෝටියක කුඩු සමඟ ඇල්ලූ සැකකරු දින 7ක් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන්න උසාවියෙන් නියෝග

  👤  3014 readers have read this article !
By mawbima 2017-05-19

හලාවත - ඔස්ටින් ෆ්‍රැන්සිස්

රුපියල් කෝටියක වටිනාකමක් ඇති බ්‍රවුන්ෂුගර් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් 1050ක් මුන්දලම සින්නපාඩුව ප්‍රදේශයේ නිවෙසක සඟවා තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටත් පුත්තලම අතිරේක දිසා විනිසුරු බුවනක රාජකරුණා මහතා විශේෂ රැඳවුම් නියෝගයක් මඟින් මුන්දලම පොලිසියට නියෝග කළේය.

මෙසේ හෙරොයින් ළඟ තබාගැනීමේ වරදට හසුව අත්අඩංගුවට පත්ව ඇත්තේ මුන්දලම සින්නපාඩුව ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නියුතු 32 හැවිරිදි අවිවාහකයෙකි.

මුන්දලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, උප පොලිස් පරීක්ෂක සරත්, උප පොලිස් පරීක්ෂක මදුරංග, පො. සැ. අමිත් (41340), පො. කො. විජේසිංහ (25057), පො. කො. සෙනවිරත්න (63745), පො. කො. ඉර්ෂාඩ් (54756) යන නිලධාරීහු මෙම වැටලීිම සිදු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්