යුද්ධයෙන් මිය ගිය වැසියන් සමරා මුලතිව්හි හර්තාල්

  👤  3012 readers have read this article !
By mawbima 2017-05-19

මුලතිව් - ශෂි කුමාර්

අවසන් යුද්ධයෙන් මියගිය වැසියන් සිහි කරමින් ඊයේ (18දා) දවස පුරා මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළෙඳසල් වසා දමමින් හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබිණි.

මුලතිව් හා පුරුදුකුඩිඉරිප්පු වෙළෙඳ සංගමය විසින් සංවිධානය කොට තිබූ මේ හර්තාලය හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී තිබිණි. එහෙත් රජයේ කාර්යාල හා බැංකු සියල්ලක්ම විවෘතව පැවැතිණි.

හර්තාලය සංවිධානය කොට තිබූ වෙළෙඳ සංගම් කියා සිටියේ යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ වෙළෙඳසල් ඊයේ දිනය පුරා වැසීමට පියවර ගත් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්