අගමැති අද යාපනය හා මන්නාරම් දිස්ත්‍රික්කවල නිල සංචාරයක

  👤  3068 readers have read this article !
By mawbima 2017-05-19

උපතිස්ස පෙරේරා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19දා) මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල නිල සංචාරයක නිරත වෙයි.
අද පෙරවරු 9.30 ට මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පස්වරු 3.00ට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රජයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් හමුවන අග්‍රාමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකටද සහභාගි වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්