රංගිරි දඹුලු වැඩිහිටි නිවාසයේදී තරුණ යුවළක් විවාහ වෙති

  👤  3167 readers have read this article !
By mawbima 2017-05-19

ඉනාමළුවේ - තිලක විජයසූරිය

රංගිරි දඹුලු වැඩිහිටි නිවාසයේදී වැඩිහිටියන්ගේ ආශීර්වාද ලබමින් තරුණ යුවළක් තම විවාහ මංගල උත්සවය ඊයේ (18) පවත්වනු ලැබිණි.
රංගිරි දඹුලු වැඩිහිටි නිවාසයේදී මෙලෙස අතිනත ගැනීම සිදුවූයේ ගලෙන්බිඳුණුවැව නාමල්පුර පදිංචි චානක රවින්ද්‍ර (30) හා ජාඇළ පදිංචි එල්. ඩී. ඩී. ප්‍රියදර්ශනී (30) යන යුවළයි.

වැඩිහිටි නිවාස භූමියේ එළිමහනේ තැනූ මංගල පෝරුවේදී වැඩිහිටියන් හැටකට ආසන්න පිරිසකගේ ආශීර්වාදය ලබමින් නව යුවළගේ මඟුල් පෝරුවේ චාරිත්‍ර සිදුවිය.
වැඩිහිටි නිවාසයේදී තම විවාහ ගිවිස ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් නව යුවළගෙන් අප කළ විමසීමේදී ඔවුන් පැවැසුවේ වැඩිහිටියන් මහමඟ දමා යන සිද්ධි වාර්තා වන සමාජයක විවාහ ජීවිතයකට වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ අගය පෙන්වා දීමට හා එම වැඩිහිටියන්ට දිවා ආහාර වේලක් ලබාදී සතුටින් තැබීම යන අරමුණෙන් මෙම තීරණය ගත් බැව් ඔවුහු පැවැසූහ. මෙම අවස්ථාවට මනාල යුවළගේ මාපියෝද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්