වසර 2,100ක් පැරැණි මෙගලිතික සොහොන්වල කැණීම් කටයුතු අරඹයි

  👤  3136 readers have read this article !
By mawbima 2017-05-19

වාන්ඇළ - රවීන්ද්‍ර ගීගනගේ

යාං ඔය ජලාශ යෝජනා ක්‍රමයට යට වන ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල හා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි භූමියේ තිබෙන වසර 2,100ක් පැරැණි මෙගලිතික සොහොන් කැණීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ක්‍රිස්තු පූර්ව 75 වැනි සියවසට අයත් යැයි සැලකෙන මෙම සොහොන් යාං ඔයට ජලය පුරවද්දී යටවන අතර ඊට පෙර එහි කැණීම් කර එම කෞතුකවස්තු කෞතුකාගාරයක තැන්පත් කෙරෙන බව ත්‍රිකුණාමලය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව්. එච්.ඒ. සුමනදාස මහතා පැවැසීය.

මේ කැණිම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘතිය සිදු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබාදී තිබේ. යාං ඔය ජලාශය ආසන්නයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරනු ලබන කෞතුකාගාරයක කැණීම්වලින් සොයාගන්නා අස්ථි කොටස් ඇතුළු පෞරාණික භාණ්ඩ තැන්පත් කෙරේ. මෙම කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයටද විවෘත බව සහකාර අධ්‍යක්ෂවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්