ආරක්ෂක ලේකම්ට හමුදාපතිට මානව හිමිකම් කොමිසමෙන් නොතිසි

  👤  3049 readers have read this article !
By mawbima 2017-05-19

පණ්ඩුක සමරසේකර

සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ හමුදා සෙබළුන්ට වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් අහිමි කරමින් සේවයෙන් විශ්‍රාම ගැන්වීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා ආරක්ෂක ලේකම්වරයාට හා යුද හමුදාපතිවරයාට මේ සඳුදා (22දා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

යුද හමුදාවේ ගැමුණු සේවා බළඇණියේ එක් එක් රෙජිමේන්තුවල සේවය කර ආබාධිත තත්ත්වයට පත් කෝප්‍රල් ආර්.සී. විමලසේන ඇතුළු හමුදා සෙබළුන් සහ නිලධාරීන් පිරිසක් විසින් 2016 වසරේ සැප්තැම්බර් මස මානව හිමිකම් කොමිසමට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට තීරණය කරමින් මෙලෙස සිතාසි නිකුත් කර තිබේ. ත්‍රස්ත ප්‍රහාරවලට ඍජුව ලක් නොවූවත් එම ප්‍රහාර මැඬලීමට අවශ්‍ය සෙසු ක්‍රියාකාරකම්වලදී ආබාධිත වූ තමන්ට වෙනත් ආකාරයකින් නොසලකා යුද්ධයේදී ආබාධිත වූ නිලධාරීන්ට ලබා දුන් වැටුප් හා දීමනා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්