සරසවි සිසු ප්‍රහාරයට එරෙහිව ‍ෙදාස්තරලා 22දා වර්ජනයේ

  👤  2993 readers have read this article !
By mawbima 2017-05-19

ජේ. ටී. ද සිල්වා

විශ්වවිද්‍යාල සිසුන් විහාරමහාදේවි උද්‍යානයට කොටුකර පොලිසිය අමානුෂික අන්දමින් කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීම හා 'සයිටම්' අර්බුදය විසඳීමට රජය...දිනෙන් දින කල්වැරීම නිසා, ලබන 22 වැනිදා පෙරවරු 8.00 සිට 12.00 දක්වා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

රජයට අනතුරු ඇඟවීමක් වශයෙන් සිදු කෙරෙන එම වර්ජනයෙන් පසු දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා ලබන 29දා තීරණයක් ගනු ලබන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසීය.

සාමකාමී විරෝධයක් පළකිරීමට පවා ශිෂ්‍යයන්ට අවස්ථාවක් ලබා නොදෙමින්, පොලිසිය මේ අන්දමට ශිෂ්‍ය මර්දනය සිදුකිරීම කාගේ උවමනාවට සිදු කරන ලද්දක්දැයි විමසන වෛද්‍ය නවීන් ද සොයිසා, වෘත්තීය සමිති මර්දනය කිරීම, විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනය දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් මේ ක්‍රියාවලිය තරයේ හෙළා දකින බවද සඳහන් කෙළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්, මේ තත්ත්වය පිළිබඳ උසස් අධ්‍යාපන ඇමැතිවරයාට කියා සිටීමෙන් පලක් නොවන්නේ ඔහු 'සයිටම්' ඔඩොක්කුවේ සිටින නිසා යැයිද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්