උද්ඝෝෂණ ම¾ඩින්න වෙඩි තියන්නෙ නැත්තේ ඇයි? ජනතාව අහනවා

  👤  3186 readers have read this article !
By mawbima 2017-05-19

අනුරාධා හේරත්

පොදු ජනතාවට පීඩාවක් වන උද්ඝෝෂණ මැඬලීමට නම් පසුගිය පාලනයේ සේම මේ ආණ්ඩුවත් තුවක්කුව අතට ගත යුතු බව ජනතාව ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.
සයිටම් විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවත් එම පීඩාකාරී තත්ත්වයන් මැඬලීමට දැන් හෝ වෙඩි නොතබන්නේ මන්දැයි ජනතාව දෝෂාරෝපණය කරන බවත් මහ ලේකම්වරයා කියයි.

පෙරේදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයේදී සිසුන් හැසිරුණු අන්දම යුද සමයේ මෙන් ම්ලේච්ඡ තත්ත්වයක් දුටු බව පවසන අමරවීර මහතා අවධාරණය කළේ මෙවැනි ක්‍රියාවල සීමාවක් පැවැතිය යුතු බවයි.

කෙසේ වුවත් උද්ඝෝෂණ මර්දනයට වෙඩි තැබීමට ආණ්ඩුව කිසිසේත්ම පියවර නොගන්නා බවත් මේ සයිටම් විරෝධී ක්‍රියාමාර්ගවල යම්කිසි දේශපාලන බලපෑමක් පවතින බවට තමා පළමු වරට ප්‍රකාශයක් කරන බවත් ඒ මහතා කියයි.
ඔහු පැවැසුවේ සයිටම් ප්‍රශ්නයට ජනාධිපතිවරයා පැහැදිලි විසඳුමක් ලබාදීමට නියමිතව තිබියදීත් අධිකරණ නියෝග පවා නොතකා ඔවුන් හැසිරුණු අන්දම පිළිබඳ තමා කනගාටුවට පත්වන බවයි.

මෙවැනි ක්‍රියාමාර්ග හරහා කාට හෝ අනතුරක් සිදුවීම අනුමත කළ නොහැකි බවද ඊයේ (18දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමරවීර මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්