විග්නේශ්වරන් සාමාන්‍ය වැසියන් සමරයි:

  👤  3209 readers have read this article !
By mawbima 2017-05-19

අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන්ගේ 8 වැනි වසර සමරා ඊයේ (18දා) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැඟෙනහිර ප්‍රදේශයේ උතුරු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

වෙල්ලමුල්ලි වයික්කාල් නැඟෙනහිර පිහිටි මියගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාරකය අසලදී ඊයේ උදෑසන උතුරු මහ ඇමැති ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පළාත් සභා මැති ඇමැතිවරුන්ගේද මියගිය අයගේ ඥාතීන්ගේද සහභාගිත්වයෙන් පහන් දල්වා යාඥා කිරීමේ උත්සවය පැවැත්විණි.
උත්සව අවස්ථාවට සහභාගි වූ සියලුම දෙනා අවසන් යුද්ධයේදී මියගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවක් පවත්වා මල් පූජා කොට පහන් දල්වා මියගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කරන ලදී.

උත්සව අවස්ථාවට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා හා උතුරු මහ ඇමැති විසින් රැස්ව සිටි පිරිස් ඇමතූ අතර උතුරු මහ ඇමැති විසින් මියගිය වැසියන් වෙනුවෙන් ශෝක පණිවුඩය ප්‍රකාශයට පත් කරන ලදී. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන්, ශිවශක්ති ආනන්දන් සමඟ උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. පළාත් සභා මන්ත්‍රි එම්.කේ. සිවාජිලංගම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පෙරමුණ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමඟ මුල්ලිවයික්කාල් සැමරුම් ස්ථානයට නුදුරින් වෙනම පහන් දල්වා මල් පූජා කරමින් කියා සිටියේ යුද්ධයෙන් මියගිය 50,000කට අධික මහ විරුවන් සමරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්