මෛත්‍රි-රනිල් අද රණවිරු ස්මාරකය අභියස

  👤  3017 readers have read this article !
By mawbima 2017-05-19

චාමර අමරසූරිය

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කර වසර අටක් සැපිරීම නිමිත්තෙන් සංවිධාන කොට ඇති 'ජාතික රණවිරු සමරු උළෙල' ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අසල පිහිටි රණවිරු ස්මාරකය අබියසදී අද (19දා) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් සහ යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් මේ සම්භාව්‍ය උත්සවයට සහභාගි වීමට නියමිතව ඇත.
මේ කාල සීමාව අතරතුර පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්