මහින්ද ගෝඨාභය හෙට නිදහස් චතුරශ්‍රයේ

  👤  3365 readers have read this article !
By mawbima 2017-05-19

පණ්ඩුක සමරසේකර

ත්‍රස්තවාදයෙන් රට මුදාගත් විජයග්‍රහණයේ දිනය සැමරීමේ උත්සවයක් හෙට (20දා) පස්වරු 3.30ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ.

විජයග්‍රහණයේ 08 වැනි සැමරුම නිමිත්තෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය, ජාතික සංවිධාන එකමුතුව හා ජාතික රණවිරු සංවිධාන සම්මේලනය එක්ව මේ උත්සවය සංවිධානය කර ඇත. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරු ඥාතීන්, ආබාධිත රණවිරුවන් හා විශ්‍රාමික රණවිරුවන් 600ක් පමණ මේ උත්සවය සඳහා සහභාගි වන බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්