නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයන් නිසා ඊශ්‍රායලයේ රැකියා අහිමි වන ලකුණු

  👤  3538 readers have read this article !
By mawbima 2017-05-18

සිදත් මෙන්ඩිස්

ඊශ්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්වල කාලය ඉක්මවීමෙන් පසු නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයන් හේතු කොට ගෙන ඊශ්‍රායල් රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.
විදේශ රැකියා ඒජන්සි ආයතනයේ පැවැති ඊශ්‍රායල රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවැසුවාය.

එරට කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා කාර්තුවක් වෙනුවෙන් මාස 6ක් සඳහා ශ්‍රමිකයන්ට වීසා හිමිවන බවත් එම කාලය අවසන් වීමෙන් පසු ශ්‍රමිකයන් දිවයිනට පැමිණිය යුතු බවත් අතුකෝරල මහත්මිය කියා සිටියාය.
අනතුරුව නැවත වරක් එම ශ්‍රමිකයන්ට සේවය කළ ස්ථානයටම යෑමට හැකි බව පැවැසූ අමාත්‍යවරිය සඳහන් කළේ නීති විරෝධීව එරට රැඳී සිටීම හේතුවෙන් තවත් ලාංකිකයකුට රැකියා අවස්ථාවක් අහිමිවීමේ අවදානමක් පවතින බවයි.

2015 වර්ෂයේදී 85 දෙනකුට පමණක් ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවූ බවත් 2016 වර්ෂයේ එරට සිදුකළ සංචාරය අතරතුරදී කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස එම සංඛ්‍යාව 369ක් දක්වා වර්ධනය කරගත් බවත් තලතා අතුකෝරල මහත්මිය අවධාරණය කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්