අත් කැසීමේ රෝගයක් නිසා මීරිගම බණ්ඩාරනායක විදුහලේ සිසුන් 29ක් රෝහල්ගත කරලා

  👤  3532 readers have read this article !
By mawbima 2017-05-18

ගම්පහ -
කේ.ඒ. සිසිර කුමාර

මීරිගම වේවැල්දෙණිය පාරේ පිහිටි බණ්ඩාරනායක විදුහලේ සිසු සිසුවියන් 29 දෙනකු ඊයේ (17දා) දිවා ආහාරයෙන් පසු අත් කැසීමේ රෝගයකට ලක්වී මීරිගම රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිසු සිසුවියන් 5 වසර අධ්‍යාපනය ලබන අය බව පාසල් ආරංචි මාර්ග කියයි.
සිසුන් දිවා ආහාරයෙන් පසු අත් සේදීමෙන් අනතුරුව අත් කැසීමට ලක්වි ඇති අතර මෙය දිවා ආහාරය නිසා සිදුවූවක් නොව වතුර ස්පර්ශ වීමෙන් සිදුවූ කැසීමේ තත්ත්වයක් බවට සැක කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ආසාදනයට ලක්වූ සිසුන්ගෙන් 9 දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර සෙසු සිසුහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්