‘අතුරුදන් කිරීම අපරාධ වරදක් කරනු’ තේමාව යටතේ සම්මන්ත්‍රණය ගහගන්නේ නැතිව අවසන් වෙයි

  👤  3513 readers have read this article !
By mawbima 2017-05-18

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

"පුද්ගලයන් අතුරුදන් කිරීම අපරාධ වරදක් කරනු" නම් තේමාව යටතේ පෙරේදා (16දා) කොළඹදී පැවැති මහජන සම්මන්ත්‍රණය අතරතුර තරමක් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් සහ අමාත්‍යවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුද මෙම සම්මන්ත්‍රණයට සහභාගි වුණු අතර සම්මන්ත්‍රණය අතරතුර සභාවේ සිටි අයකු සන්දර්ශන නොතියා අතුරුදන් කිරීම් පිළිබඳව චෝදනා ලබා ඇති අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙස වේදිකාවේ සිටි විද්වත් සභාවෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයටද ආවේගශීලීව තම අදහස් ඉදිරිපත් කළේය.
මේ අවස්ථාවට අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද සහභාගිව සිටි අතර ඉහත කී පුද්ගලයා පැවැසුවේ පසුගිය සමයේ පැවැති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු අතුරුදන් වූවන්ගේ පවුල් විකුණාගෙන කන බවයි. මේ අවස්ථාවට සහභාගි වූ එම පවුල්වල සාමජිකයන්ද මෙහිදී තරමක් අවේගශීලීව කතා කරනු දක්නට ලැබිණි.

මේ පිළිබඳව තම සංගමයේ කරුණු දක්වමින් මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා පැවැසුවේ මේ සියලු ප්‍රයත්නයන් දරන්නේ දැනට නිදැල්ලේ සිටින අපරාධකරුවන්ව නීතිය හමුවට පැමිණවීමේ අවංක චේතනාවෙන් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්