උතුර - නැඟෙනහිර රැකියා නැති උපාධිධාරීන් ඕනෑ තරම් සිටියදී වතුකරයේ ගුරු හිඟය පියවන්න ඉන්දියාවෙන් ගෙන්වීමේ සූදානමක්

  👤  3422 readers have read this article !
By mawbima 2017-05-18

උදයන්ති මුණසිංහ

වතුකරයේ දෙමළ මාධ්‍ය ගුරු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වීමට ආණ්ඩුව සූදානමින් සිටීම දැඩිව හෙළාදකින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී ලංකා ගුරු සේවා සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා පැවැසුවේ වතුකරයේ දෙමළ මාධ්‍ය ගුරු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ගුරුවරුන් 300ක් වසර තුනකට කොන්ත්‍රාත් පදනමට ගෙන ඒමට කටයුතු කරන බවට අධ්‍යාපන රාජ්‍ය ඇමැති රාධාක්‍රිෂ්ණන් ප්‍රකාශ කළ බවයි. එය රාධාක්‍රිෂ්ණන් අමාත්‍යවරයාගේ හුදු පෞද්ගලික ප්‍රකාශයක් නොව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ එක් වැඩපිළිවෙළක් බව හෙතෙම පැවැසීය.

ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ගයට යොමු වීමට හේතුව ලෙස දක්වා තිබෙන්නේ උසස් පෙළ විද්‍යාව සහ ගණිතය යන විෂයන් දෙමළ භාෂාවෙන් ඉගැන්වීමේදී ලංකාවේ ගුරුවරු නොමැති ප්‍රශ්නය මුල් කරගෙන බව දැනට දෙමළ මාධ්‍යයෙන් විද්‍යාව සහ ගණිතය යන විෂයයන් හැදෑරීමට පහසුකම් තිබෙන්නේ නුවරඑළිය සහ නුවර යන ප්‍රදේශවලට පමණක් නිසා අනෙකුත් වතුකර ප්‍රදේශවල දක්ෂ දරුවන්ට එම විෂයන් ඉගෙනීමට ඇති ඉඩකඩ නැති වී යෑම නිසා යැයි ඔහු පැවැසීය.
නමුත් මේ වන විට උතුර නැඟෙනහිර ප්‍රදේශවල රැකියා විරහිත උපාධිධාරීන් මෙන්ම විශ්‍රාමික ගුරුවරුන්ද බොහෝ පිරිසක් සිටින බවත් විශ්‍රාමික ගුරුවරුන්ද කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමේ හැකියාව තිබෙන බවත් එවැනි අවස්ථා තිබියදී මෙලෙස ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වීම ආණ්ඩුව එට්කා ගිවිසුම ගෙන ඒමට පෙර මුට්ටිය දමා බැලීමක් බවත් ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්