22දාට පෙර විසඳුම් නොලැබුණොත් යළි අරඹනවා

  👤  3561 readers have read this article !
By mawbima 2017-05-18

චාමර අමරසූරිය / අනුරාධා හේරත්

ත්‍රිකුණාමලය, චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා නොදීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ආරම්භ කොට අත්හිටුවා ඇති අඛණ්ඩව වැඩවර්ජනයට අදාළ විසඳුම් ලබන 22දාට රජයෙන් නොලැබුණොත් පෙර දැනුම්දීමකින් තොරව යළි එම වැඩවර්ජනය ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සංචාරයේදී අස්සන් කොට ඇති දෙරට අතර අවබෝධතා ගිවිසුම අධ්‍යයනය කිරීමේදී සිය වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම්වලට පටහැනි වන ලෙස කටයුතු කර ඇති බව පෙනී යන බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. කේ. රාජකරුණා මහතා "මව්බිම"ට පැවැසීය. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති එකමුතුව අග්‍රාමාත්‍යවරයාට ලිපියකින් දැනුම් දුන් බවද ඒ මහතා සඳහන් කළේය.

ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඉකුත් අප්‍රේල් 24දා දින ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
එදින රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලිඛිත පොරොන්දුවක් මත එම සංගමය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්