රටේ අඩාළ වූ සංවර්ධන කටයුතු හැමදෙනාම එක්වී නඟාසිටුවමු

  👤  3456 readers have read this article !
By mawbima 2017-05-18

සිදත් මෙන්ඩිස්

පසුගිය ආණ්ඩුව සිදුකළ වැරැදිවලට වත්මත් ආණ්ඩුවට වන්දි ගෙවීමට සිදුවී ඇති බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පවසයි.

නවක තැපැල් සේවා නිලධාරීන් 65 දෙනකු සහ වැඩ බලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 104 දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (17දා) තැපැල් මූලස්ථානයේදී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
රට තුළ අඩාල වී ඇති සංවර්ධනය යළි ශක්තිමත් කිරීම සඳහා සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
සේවාවන් සපයන අමාත්‍යාංශයක් ලෙස තෙවැනි ස්ථානයේ පසුවන තැපැල් සේවය ඉදිරියේදී තවදුරටත් පුළුල් කර ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම තම අරමුණ බවත් පාරම්පරික තැපැල් සේවය ආරක්ෂා කර ගනිමින් නවීන ලෝකයට ගැළපෙන ලෙස තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බවත් අබ්දුල් හලීම් මහතා සඳහන් කළේය.

ලබන මාසයේ සිට උප තැපැල් කාර්යාල මඟින් ජල බිල්පත් ගෙවීමේ පහසුකම් සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් මේ වන විට ජල සම්පාදන අමාත්‍යාංශය සමඟ ඊට අදාළ සාකච්ඡා පවත්වා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්