නාවික හමුදා බුද්ධි අංශ 5ක් අද අත්අඩංගුවට

  👤  3673 readers have read this article !
By mawbima 2017-05-18

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් පස්දෙනෙක් අද (18දා) අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරෙහි සේවයේ නියුතුව සිටි මේ බුද්ධි නිලධාරීන් පස්දෙනා අතරින් අද වන විට සේවයේ සිටින්නේ සිවුදෙනකු පමණක් බවත්, ඒ අතරින් තිදෙනෙක් මීට පෙර රහස් පොලිසියට කැඳවා කටඋත්තර සටහන් කරගෙන මුදාහැර ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
මේ බුද්ධි නිලධාරීන් සිවුදෙනාට අද (18දා) උදෑසන රහස් පොලිස් මූලස්ථානයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබේ.
මේ වන විට නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 05 දෙනකු හා හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 27 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්