සිංහරාජයේ අලි දෙදෙනා 13වැනි ජීවිතයත් බිලිගනී

  👤  3520 readers have read this article !
By mawbima 2017-05-18

කහවත්ත - බුද්ධික කෝනාර, කලවාන
- සේන ජයකොඩි,
අටකලන්පන්න
- තරිඳු උදයශාන්ත,

සිංහරාජයේ අලි දෙන්නා පෙරේදා (16දා) යළිත් මිනිස් ජීවිත දෙකක් බිලිගෙන තිබේ. කලවාන, ‍ෙදාළේකන්ද වසමේ රජවත්ත සයිප්‍රස් කොටසේදී මෙසේ අලින්ගේ පහර දීමට ලක්වූයේ සන්ධ්‍යා ලක්මාලි නමැති 40 හැවිරිදි පස්දරු මවක් සහ එස්.කේ. ආනන්ද නමැති පිරිමි අයෙකි.
සිංහරාජයේ අලි තුන්දෙනා විසින් මෙයට පෙර 11 දෙනකුට දිවි අහිමි කර තිබුණු අතර මේ මරණ දෙකත් සමඟ එම සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගිය බව ප්‍රදේශවාසීහු කියති.

සන්ධ්‍යා ලක්මාලි නමැති අය මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ අතිරේක පංතියකට සහභාගිවීමට ගිය සිය දියණිය කැඳවාගෙන එමින් සිටියදීය. අලියා මව අල්ලා පාගා දමන අතරේ දියණිය දිවි බේරාගෙන දිව යෑමට සමත් වී තිබේ.

කලවාන - රක්වාන පාරේ සයිප්‍රස් වත්ත අසල ඉහළ වංගුවේදී ලක්මාලි නමැති අයට පහර දුන් අලියා ඊළඟ වංගුවේදී ආනන්ද නමැති අයට පහරදී තිබේ. මේ අලින්ගෙන් 11 වැනියාට පහර කෑවේ පසුගිය වසරේ රඹුක බටේමුල්ල ගමේ පදිංචිකරුවෙකි.
වර්ෂාවත් සමඟ ගම්වදින අලි දෙන්නා මේ වන විට ‍ෙදාළේකන්ද මහා මාර්ගය අසල රැඳී සිටින බව ප්‍රදේශවාසීහු පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්