දයාසිරි කැබිනට් ප්‍රකාශක තනතුරට කැමැතියි

  👤  3604 readers have read this article !
By mawbima 2017-05-18

පණ්ඩුක සමරසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය කැමැත්ත පළකොට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස සුදුසු නමක් යෝජනා කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දන්වා තිබේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන්ගෙන් විමසා ඇත්තේ ඒ සඳහා කිසිවකුත් ඉදිරිපත් නොවූයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය කැමැත්ත පළකොට ඇත.
පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා සිය කැමැත්ත දැක්වුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයා දැනුවත් කර නැති අතර ඉදිරි කැබිනට් රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්