දූෂණ විරෝධී හඬෙන් අර්ජුන්ට විරුද්ධව පැමිණිල්ලක්

  👤  3530 readers have read this article !
By mawbima 2017-05-18

අනුරාධා හේරත්

මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ මුදල් රුපියල් ලක්‍ෂ 668ක් සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කර ඇති බවට චෝදනා කරමින් දූෂණ විරෝධී හඬ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.
දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පැවැසුවේ අදාළ පැමිණිල්ලට මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මුදල් මණ්ඩලයත්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මුදල් මණ්ඩලයත්, මහ බැංකුව භාර අමාත්‍ය අගමැති රනිල් වික්‍රමසිංහත් වග උත්තරකරුවන් ලෙස නම් කරන බවයි.

එම පැමිණිල්ල ඉදිරි දින කිහිපයේදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සමරසිංහ මහතා කීවේය.
මීට ඉහතදී මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවකින් හෙළිදරව් වූ කරුණු අනුව මහ බැංකු හිටපු අධිපතිවරයා සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මහ බැංකුවේ මුදල් රුපියල් ලක්‍ෂ 668ක් අවස්ථා 163කදී බිල් රහිතව පරිහරණය කර ඇති අතර ඉන් රුපියල් ලක්‍ෂ 334ක් කේ‍රඩිට් කාඩ් හරහා භාවිත කර ඇති බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

එම වංචනික ක්‍රියාවලියට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට වත්මන් මහ බැංකු අධිපතිවරයා අද වනතුරු කටයුතු නොකිරීමටද බලවත් සැකයකට තුඩුදී ඇති බව පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉහත කී සියලු පාර්ශ්ව මෙයට වගකිව යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්