ශාන්ත ජෝන් හා තෝමස් අවසන් තරගයට

  👤  2650 readers have read this article !
By mawbima 2017-04-21

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය හෙට (22දා) සහ අනිද්දා (23දා) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් තරගයේදී හමුවෙති.

රමින්ද්‍ර ප්‍රවිනාත් මෙවර තරගවාරයේදී ද්විත්ව ශතක 2ක් සමඟින් ලකුණු 1000 සීමාව ඉක්මවමින් ශා.තෝමස් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වී සිටින අතර, කඩුලු 92ක් දවාලූ හෂිීන් ඩිල්මාන් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්වී සිටියි. මීට අමතරව ප්‍රවීන් මධුෂාන් කඩුලු 80ක් දවාලීමට සමත්වී සිටී.ලකුණු 700 සීමාව ඉක්මවූ රුක්ෂාන් දිසානායක ශාන්ත ජෝන් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්ව සිටින අතර, නායක නඳුන් අහංගම ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවීය.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයීය සංචිතය: නිපුන් අචලංක (නායක), හෂින් ඩිල්මාන් (උප නායක), තරුෂ කාවින්ද්‍ය, ප්‍රවීන් මධුෂාන්, අකිල තිවංක, හසිත සුනෙත්, ඉෂාන් ජයවර්ධන, රමින්ද ප්‍රවිනාත්, මලීෂ ද සේරම්, හිරන්ත ලක්ෂාන්, මිහිසල් අමෝද, සචිර රශ්මික, ගිෂාන්තික ජයවීර, ළහිරු ගිම්හාන්, ළහිරු ඩිල්ෂාන්, සඳුන් චමින්ද, කවිඳු රිද්මාල්, අවිඳු නිමන්ත, නිමන්තක භාෂණ, සංජය මධුරංග, සචින්ත ගිම්හාන්, ජේ. පී. හරිඳු, හිරුෂ ජීවදිත්, වෝෂිත අමරසිංහ, සිනෙත් දිසානායක, නිපුන් රුචිර.
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයීය සංචිතය- නඳුන් අහංගම (නායක), කවිඳු හෂාන් (උප නායක), තනුජ් අකලංක, සිතුම් ප්‍රමෝද, මලිත් ගුණවර්ධන, රසිඳු ඉෂාන්, සචින් ධනංජය, රුක්ෂාන් දිසානායක, ගිහාන් අංජන, ප්‍රවීන් සඳමාල්, සසිත මනුප්‍රිය, තමිඳු නිවර්තන, අශාන් දිල්හාර, දිල්ෂාන් ප්‍රසන්න, ප්‍රමෝද් සඳරුවන්, රිශාන් මලිත්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්