ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියට ලංකාවෙන් හයක් හෙට චීනයට

  👤  2470 readers have read this article !
By mawbima 2017-04-21

විචිත්‍ර වීරසිංහ

අප්‍රේල් 25 සිට 30 දක්වා චීනයේදී පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වන 6 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (22දා) ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව ඇත.
ලෝක ශේ්‍රණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගෙන් සැඳුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමට නිලුක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, ලේඛා ෂෙහානි, අචිනි රත්නසිරි හා උපුලි සමන්තිකා ඇතුළත්ව ඇත.

ඒ අනුව "ඩී" කාණ්ඩයෙන් තරග වදින පිරිමි හා කාන්තා කේවල කණ්ඩායමට නිලුක කරුණාරත්න හා ලේඛා ෂෙහානිද, "බී" කාණ්ඩයෙන් තරග වදින පිරිමි යුගල කණ්ඩායමට සචින් ඩයස් හා බුවනෙක ගුණතිලකද, "ඒ" කාණ්ඩයෙන් තරග වදන කාන්තා යුගල කණ්ඩායමට අචිනි රත්නසිරි හා උපුලි සමන්තිකාද ඇතුළත්ව ඇති අතර, "ඒ" කාණ්ඩයෙන් තරග වදින මිශ්‍ර යුගල කණ්ඩායමට සචින් ඩයස් හා තිළිණි ප්‍රමෝදිකා ඇතුළත්ව සිටී.

මේ වනවිට ලෝක පිරිමි කේවල ශේ්‍රණිගත කිරීම්හි 67 වැනි ස්ථානයේ පසුවන නිලුක කරුණාරත්න සමඟ "ඩී" කාණ්ඩයෙන් තරග වදින ජෝර්දානයේ බෙනඩීන් අහමඩ් හා උස්බෙකිස්තානයේ ආත්ගොව් සවට්යොගින් ලෝක ශේ්‍රණිගත කිරීම්හි පිළිවෙළින් 247 වැනි ස්ථානයේ හා 453 වැනි ස්ථානයේ පසුවන බැවින් නිලුක කරුණාරත්නට එම කාණ්ඩයෙන් පෙරමුණ ගෙන ලොව ශේ්‍රණිගත කිරීම්හි පළමු වැනි (මලයාසියාවේ ලී චොන් වෙයි), සිවුවැනි (දකුණු කොරියාවේ සොන් වැන්) හා පස්වැනි ස්ථානයේ (චීනයේ චෙන් ලෝන්) පසුවන ක්‍රීඩකයන් සමඟ ප්‍රධාන තරග වටයට ඉදිරිපත් වීමට හැකියාව පවතී.

කෙසේ වෙතත් කාන්තා කේවල තරගාවලියේ "ඩී" කාණ්ඩයෙන් තරග වදින මේ වනවිට ලෝක ශේ්‍රණිගත කිරීම්හි 741 ස්ථානයේ පසුවන ලේඛා ෂෙහානිට වියට්නාමයේ හා සිංගප්පූරුවේ ක්‍රීඩිකාවන් දෙදෙනා ලොව ශේ්‍රණිගත කිරීම්හි පිළිවෙළින් 71 වැනි හා 77 වැනි ස්ථානයේ පසුවන හෙයින් ප්‍රධාන තරග වටයට ඇතුළත්වීමට ප්‍රබල සටනක් දිය යුතුව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්