ජනතාවට විධිමත් ප්‍රවාහන සේවයක් ලබාදීමට නව බස් රථ දහදාහක් ලංගමට ලබාදෙන්න

  👤  2544 readers have read this article !
By mawbima 2017-04-21

උපතිස්ස පෙරේරා

ජනතාවට ගුණාත්මක, විධිමත් ප්‍රවාහන සේවයක් ලබාදීමට සුදුසුකම් හා හැකියාව ඇති එකම ආයතනය ශ්‍රී ලංගමය බැවින් ප්‍රවාහන ඇමැතිවරයා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයට අනුව ගුණාත්මක ප්‍රවාහන සේවයක් සඳහා අවශ්‍ය නව බස්රථ 10,000ක් ශ්‍රී ලංගමයට ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

මගී ජනතාවට විධිමත් ප්‍රවාහන සේවයක් ලබාදීම රජයේ වගකීම බැවින් එය පෞද්ගලික බස්රථ ව්‍යාපාරිකයන්ගෙන් ඉටුකරගත නොහැකි බව අතීත අත්දැකීම් මඟින් තහවුරු වී ඇති හෙයින් ප්‍රවාහන අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීමට අවධානය යොමුකරන ලෙසද එම සංගමය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අනාගතයේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට ශ්‍රී ලංගමය පත්කර ගැනීමට නම් ශ්‍රී ලංගමයට අවශ්‍ය අතිරේක බස්රථ ලබාදී මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු නොකර ශ්‍රී ලංගමය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සංගමය ජනාධිපතිවරයාට පෙන්වාදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්