ගාලු මුව‍ෙදාර මැයි රැලියට ජාතික නිදහස් පෙරමුණත්

  👤  2527 readers have read this article !
By mawbima 2017-04-21

සිදත් මෙන්ඩිස්

ඒකාබද්ධ විපක්ෂය ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිත මැයි දින සමරු උත්සවයට සහභාගිවීමට තමන් තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සහ පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියංජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19දා) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය රැස්වී මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා "මව්බිම"ට පැවැසීය.
ඉතිහාසයේ පැවැත්වෙන විශේෂ මැයි දින රැලියක් ලෙස සලකා එය උපරිම ලෙස සාර්ථක කර ගැනීමේ අරමුණින් ඊයේ (20දා) සිට ලබන 26 වැනිදා දක්වා පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් දැනුවත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවද හෙතෙම කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්