අධ්‍යාපනයේ යම් යම් වෙනස්කම්වලට අකිල ගන්න සෘජු තීරණ බන්දුලගේ පැසැසුමට

  👤  2665 readers have read this article !
By mawbima 2017-04-21

දයා පෙරේරා

අධ්‍යාපන පද්ධතියේ සාධනීය වෙනස්කම් ඇති කිරීමට වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ගනු ලබන සෘජු තීරණ හිටපු අධ්‍යාපන ඇමැති වත්මන් කොළඹ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැසසුමට ලක්කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ඇමැතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පසුගියදා (18දා) පැමිණ තිබේ. එහිදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් හමුවූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා එහි පවතින ගුරු හිඟය ඇතුළු ගැටලු කිහිපයක් ඉදිරිපත් කර විසඳුම් අපේක්ෂා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම ගැටලු විසඳීම සඳහා වහා ක්‍රියාත්මක වන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් අධ්‍යාපන පද්ධතියේ සිදුකරන ලබන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ගැන දෙදෙනා අතර අදහස් හුවමාරුවක් සිදුවූ බවත් අමාත්‍යාංශය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්