චේ ගුවේරා සිටු වූ ගහ බලන්න කියුබානු තානාපතිවරිය යහලකැලේ වත්තට ඇවිත්

  👤  2657 readers have read this article !
By mawbima 2017-04-21

හඳපාන්ගොඩ _ ජයසිංහ

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපතිනිය ලෙස මෙරටට පත්ව ආ හෙලේනා ජුවානා රාමෝස් මහත්මිය පසුගියදා හොරණ මොරගහහේන යහලකැලේ වත්ත ප්‍රදේශය වෙත පැමිණියාය. ඒ කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ටෝ චේ ගුවේරා විසින් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී රෝපණය කරන ලද මහෝගනී වෘක්ෂය නිරීක්ෂණය කිරීම සඳහායි. මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම පිරිස පිළිගන්නා ලදී. අර්නස්ටෝ චේ ගුවේරා විසින් රෝපණය කරන ලද වෘක්ෂ අතරින් දැනට ලොව ඉතිරිව පවතින එකම සිහිවටනය ලෙසයි මොරගහහේන යහලකැලේ වත්තේ ඇති මෙම වෘක්ෂය පිළිගැනෙන්නේ. එය නිරීක්ෂණය කළ රාමෝස් මහත්මිය ඇතුළු පිරිස එහි සිහිවටන ඵලකය සහිත ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරනු ලැබූහ. මේ අවස්ථාවට අයිකැප් කියුබානු ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ යැක්නියා කැල්ගාඩෝ රෝසා මෙනෙවිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම ගස සිටුවන අවස්ථාවේ ඊට දායක වූ පිරිස් අතරින් දැනට ජීවත්ව සිටින එකම පුද්ගලයා වන සෝමපාල මහතාද මීට සහභාගි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්