මිතුරන්ගෙන් වෙන් වී හුදෙකලාවේ සිටි රුසියන් ජාතිකයා දිවි හානි කරගෙන

  👤  2662 readers have read this article !
By mawbima 2017-04-21

මාතර - උදය කුමාර රණවීර

දින කිහිපයක් තිස්සේ කිසියම් සිත් වේදනාවකින් පසුවූ විදේශිකයකු ඉකුත්දා (18දා) වස පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මිරිස්ස උඩුපිල ප්‍රදේශයේ කුලී පදනම මත මෙම රුසියන් ජාතික 61 හැවිරිදි පුද්ගලයා පදිංචිව සිට ඇත. ඔහු දෙස් විදෙස් තම මිතුරන්ගෙන් වෙන්ව පසුගිය දවස් කිහිපය කිසියම් කනස්සලු ස්වභාවයකින් සිටි බව මිතුරෝ පවසයි. පසුගිය 17දා රාත්‍රි මොහු වස පානය කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හෙයින් මාතර මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරුමුවට පත්ව ඇත. මාතර පොලිසිය සිද්ධි පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්