සමෘද්ධි පුවත 'මව්බිමේ' පළ වුණාට වැලිගෙපල වාර්තාකරුගේ බිරියට තර්ජන

  👤  2568 readers have read this article !
By mawbima 2017-04-21

වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් නව වසරේ ගනුදෙනු සඳහා සිය ප්‍රතිලාභවලින් අනිවාර්යයෙන්ම මුදලක් තැන්පත් කරන්නැයි ප්‍රතිලාභීන්ට කළ බලපෑම් පිළිබඳව "මව්බිම" පුවත්පතේ පුවතක් පළ වූයේ පසුගිය 11දා ය. එම පුවත පදනම් කරගෙන සිය බිරියට වැලිගෙපල සමෘද්ධි බැංකු සංගමයේ කළමනාකාරතුමිය ඇතුළු නිලධාරීන් 20දා සමෘද්ධි බැකුවේදී තර්ජනය කර ඇති බව වැලිගෙපල "මව්බිම" වාර්තාකරු පැවැසීය.
මේ පිළිබඳව වැලිගෙපල "මව්බිම" වාර්තාකරු අරුණ දිසානායක මහතා මෙසේ පැවැසීය.

"මව්බිම" පුවත්පතට මම ලියන්නේ වෙනත් නමකින්. එනම් මැණිකේ කොළොම්බුගම කියන නමින්. ඒ නමේ කොටසක් මාගේ බිරියගේ වාසගමයි. මගේ නෝනටත් සමෘද්ධි ප්‍රතිලාභ තියෙනවා. නමුත් මාගේ පුවත්පත් කලාවට මාගේ බිරියව කිසිදු ලෙසකින් සම්බන්ධ කර ගන්නේ නැහැ. ජුනි 11දා පළවූ පුවතට මම සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසුවා. එහි කාටවත් පක්ෂපාති කමක් නැහැ. වැලිගෙපල කලාපයේ රංවල, උඩරංවල, ගල්පාය, ඉලුක්කුඹුර ආදී ප්‍රදේශ ගණනාවකම ජනතාව මට තොරතුරු ලබා දුන්නා ඔවුන්ගෙන් මුදල් ඉල්ලනවා කියලා. ඒ පිළිබඳව මා වෙත තොරතුරු ලබා දෙන්නේ මාගේ බිරිය යැයි එතැන සිටි පිරිසක් ඉදිරියේ වැලිගෙපල සමෘද්ධි බැංකු කළමනාකාරතුමිය ඇතුළු නිලධාරීන් අපහාස කර සමෘද්ධි සහනාධාරයත් ඉවත් කර විනය පරීක්ෂණයක් පවත්වන බව කියමින් අපහාස කිරීම ගැන මම සමෘද්ධි අධිකාරියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කළා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්