හදිස්සියේ මියගිය විදේශිකයන් දෙදෙනකුගේ මළ සිරුරු මාතර මහ රෝහලේ

  👤  2567 readers have read this article !
By mawbima 2017-04-21

දෙවිනුවර - රුවන් ගලගම

හදිස්සියේ මරුමුවට පත් විදේශිකයන් දෙදෙනකුගේ මෘත ශරීර දෙකක් මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
වැලිගම පොලිස් බල ප්‍රදේශවලින් 18,19 දිනවලදී සොයාගත් මොවුන් දෙදෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මරණයට පත්ව ඇති විදේශිකයන් දෙදෙනා බි්‍රතාන්‍ය හා ස්විට්සර්ලන්ත ජාතිකයන් බවට තොරතුරු අනාවරණය වී ඇත. මොවුන් පිළිබඳ මාතර පොලිසිය මඟින් විදේශ කටයුතු අමාත්‍යාංශය හා අදාළ රටවල තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්