රැඩිකල් තීන්දු ගැනීම කෙසේ වෙතත් කැබිනට් සංශෝධනයක්වත් කරගන්න බෑ

  👤  2410 readers have read this article !
By mawbima 2017-04-21

සිදත් මෙන්ඩිස්

මේ වසරේ ජනවාරි මාසය උදාවීමත් සමඟ ජනාධිපතිවරයා විසින් දේශපාලන සහ ආර්ථික වශයෙන් රැඩිකල් තීන්දු තීරණ රැසක් ගන්නා බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළ නමුදු, ජනතාව මවිතයට පත් කිරීම වෙනුවට ඔවුන් මුළාවට පත්කර ඇති බැවින් හැකි නම් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බලන ලෙසට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
රැඩිකල් තීන්දුවක් ගන්නවා වෙනුවට අඩු වශයෙන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩල සංශෝධනයක් හෝ සිදුකර ගැනීමට නොහැකිවී ඇති බව, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා 'මව්බිම'ට පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් සිටින බවත් ආණ්ඩුවේ සිටින නිදහස් පක්ෂයේ කණ්ඩායම එම කටයුතු දිහා බලා සිටිමින් සතුටුවෙමින් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකිරීමට අපොහොසත් වී ඇති ජාතික ආණ්ඩුවටත්, රටේ ජනතාවටත්, අනාගතයක් නොමැති බවද රංජිත් සොයිසා මහතා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්