අම්බලන්තොට මාමඩල තරුණයකු කපා කොටා මැරූ සිද්ධියේ තිදෙනෙක් අත්අඩංගුවට

  👤  2479 readers have read this article !
By mawbima 2017-04-21

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේදී තරුණයෙක් කපා කොටා මරා දමා තවත් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.

ඉකුත් 15දා රාත්‍රි අම්බලන්තොට මාමඩල ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් කපා කොටා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු පෙරේදා (19දා) අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙක් අම්බලන්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්