බෙන්තර ගඟේ ඩයිනමයිට් දමා මසුන් මැරූ තිදෙනා

  👤  2417 readers have read this article !
By mawbima 2017-04-21

මතුගම _ වසන්ත කුමාර

නීති විරෝධී ලෙස "ඩයිනමයිට්" වෙඩි යොදා බෙන්තර ගඟේ මසුන් මරමින් සිටි පුද්ගලයන් තිදෙනකු පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස පෙරේදා (19දා) නියෝග කළේය.
අගලවත්ත වෙයන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු හා වැලිපැන්න ඉදිගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රිමාන්ඩ් කර ඇත.
සැකකරුවන් සමඟ මසුන් මැරීමට යොදාගත් ඩයිනමයිට්, මාළු කිලෝ 20ක් පමණ සහ ඔරුවක්ද අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර දකුණු පළාත් මායිමේ බෙන්තර ගඟේ ජෛව විවිධත්වය අතින් ඉතාම වටිනා මත්ස්‍ය හා ජලජ ශාක රැසක් පවතින නිසා ඩයිනමයිට් යොදා මසුන් මැරීම තහනම් කර ඇත.

නමුත් නීති විරෝධී ලෙස මසුන් මරන බවට බෙන්තර පොලිසියට ලද තොරතුරක් අනුව බෙන්තර පොලිසියේ උප පොලිස් පරීක්ෂක අමිත් ශාන්ත මහතා ඇතුළු පිරිස සිදුකළ වැටලීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඩයනමයිට් යොදා ගඟේ පිපිරවීම් සිදුකිරීම නිසා ඉතා කුඩා මත්ස්‍යයන් විශාල ලෙස මියගොස් පාවෙමින් තිබෙන අතර තරමක ලොකු මාළු පමණක් ධීවරයන් එකතුකර ගන්නා බව පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්