විද්‍යා දැරිය ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

  👤  2455 readers have read this article !
By mawbima 2017-04-21

ඕමන්තේ - ශේෂලා අමරසිංහ

යාපනය කයිට්ස් පුන්කුඩතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනය කෙරුණු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මැයි මස 03 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් අතිරේක මහෙස්ත්‍රාත් එස්.සබේසන් මහතා පෙරේදා (19දා) නියෝග කළේය.
සැකකරුවන්ගේ රුධිර සාම්පල පිළිබඳ හා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරුවන් ඇප මත මුදාහැරීම අතිරේක මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය 2015 වසරේ මැයි මස 13 වනදා පුන්කුඩතිව් ප්‍රදේශයේදී පාසල වෙත යමින් සිටියදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්