වසර පහක් කට්ටි පනිමින් සිටි මිනී මැරුම් නඩුවක ප්‍රධාන සැකකරු මාට්ටු

  👤  2455 readers have read this article !
By mawbima 2017-04-21

වීහේන - අනුරාධ

මිනීමැරුම් සම්බන්ධයෙන් කුලියාපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පැවැති නඩු දෙකක ප්‍රධාන සැකකරු වසර 5ක් පුරාවටම සැඟව පොලිසියට කට්ටි පනිමින් සිටියදී හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ බත්තුලුඔය මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මුන්දලම පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ කලිසම් සාක්කුවේ ග්‍රෑම් 6ක් බරැති හෙරොයින් පැකට් 6ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
කුලියාපිටිය මහාධිකරණය විසින් මෙම පුද්ගලයාට එරෙහි විවෘත වරෙන්තු දෙකක්ද නිකුත් කර ඇති අතර ඇපකාරිය වන සැකකරුගේ සහෝදරියද ඔහු ගමන් කරමින් සිටි ඩිමෝ ලොරි රථයේ රියැදුරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මිනීමැරුම් චෝදනා ලැබ සිටින සැකකරුත් ඔහුට ඇප ලබාදීම සිදු කළ පුද්ගලයාත් මීට වසර 5කට ඉහතදී 2013 වර්ෂයේදී විදේශ ගතව ඇත. සැකකරුට ඇප ලබාදීම කළ දෙවැනි ඇපකරු තවමත් විදේශ රැකියාවක නිරතව සිටින අතරේ නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ ඇති බවත් සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත. සැකකරුත් සෙසු පුද්ගලයනුත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුන්දලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්