චීන්නු ගෙනා කෝටි 3ක රට සිගරට් රේගු දැලේ

  👤  2388 readers have read this article !
By mawbima 2017-04-21

සිදත් මෙන්ඩිස්

රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (19දා) උදෑසන ඩුබායි සහ කුවේට් සිට පැමිණි සැකකරුවන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවැසීය.
සැකකරුවන් රැගෙන ආ ගමන්මලු තුළ ඉතා සූක්‍ෂ්ම ලෙස මෙම දුම්වැටි තොගය අසුරා තිබී ඇති අතර රුපියල් ලක්ෂයක දඩයක් මත සැකකරුවන් මුදා හැරීමට කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්