ත්‍රීවීල් එකකින් ඇවිත් හම්බන්තොට පන්සලකට ගිනි තියලා ගිහින්

  👤  2523 readers have read this article !
By mawbima 2017-04-21

හම්බන්තොට _ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරයට ඊයේ (20දා) පෙරවරුවේ ත්‍රීවීල් රථයකින් පැමිණි පිරිසක් ගිනිතබා පලාගිය බව එම
විහාරයේ විහාරාධිපති...බරවකුඹුකේ නාරද හිමියන් හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.
ඊයේ (20දා) පෙරවරු 9.30ට පමණ ත්‍රීවීල් රථයකින් පැමිණි පිරිසක් විහාරය ඉදිරිපිට ත්‍රීවීල් රථය නවතා ඉන් එක් අයකු විහාරයට පැමිණ විහාරයේ දාන ශාලාවේ සිවුරු සහිත සිවිලිමට ගිනිතබා පලා ගිය බවයි විහාරාධිපති හිමියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ගින්න පැතිරීමට මත්තෙන් එය නිවා දැමීමට කටයුතු කළ බවත් එම නිසා එතරම් හානියක් සිදුනොවූ බවත් විහාරාධිපති හිමියන් පොලිසියට පවසා ඇත.
ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්