මැයි රැලියට නොඑන අය ගැන තීරණයක් ගන්නේ නෑ

  👤  2528 readers have read this article !
By mawbima 2017-04-21

පණ්ඩුක සමරසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මැයි රැලියට සහභාගි නොවන ශ්‍රී ලනිප පාක්ෂිකයන් පිළිබඳව පක්ෂ නායකත්වය තනි තීරණයක් නොගන්නා බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ විනය කඩන්න වුන්ට වුවත් නිදහසට හේතු දැක්වීමට අවස්ථාව දිය යුතු බවද සාධාරණ හේතූන් මත සන්ධාන මැයි රැලියට සහභාගි නොවන්නේ නම් ඒ ගැනද පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගත හැකි බවද ඊයේ (20දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්